KDKTEC Open Source Point of Sale (OSPOS) හෙවත් KDKTEC OSPOS යනු කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාර සදහා භාවිතා කළ හැකි විවෘත කේත විකුණුම් පද්ධති මෘදුකාංගයකි.

අප ආයතනයෙන් මෙම විකුණුම් පද්ධතිය මිලදී ගත් ඔබට, මෙම විකුණුම් පද්ධතිය පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම උදෙසා අප මෙම විකුණුම් පද්ධතිය පිළිබඳ මෙම සැරිය ඔබ සදහාම නිර්මාණය කෙළෙමු.

KDKTEC OSPOS විකුණුම් පද්ධතිය තුල ප්‍රධාන මොඩුයුල කිහිපයක් පවතී. ඒවා නම්:

මෙම එක් එක් මොඩුයුලය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වම් පස ඇති මෙනුවෙන් ඔබට අවශ්‍ය මොඩුයුලයට අදාළ නාමය තෝරන්න.

මෙම විකුණුම් පද්ධතිය, Google Chrome, FireFox, Edge, Opera වැනි වෙබ් බ්‍රවුසර තුල හොඳින් ක්‍රියාත්මක වන නිසා, ඔබටත් ඔබගේ ව්‍යාපාරයට සම්බන්ධ අනෙකුත් අයටත්, ඔබට හා ඔවුන්ට පහසු වෙබ් බ්‍රවුසරයක් සහිත ඕනෑම උපකරණයකින් මෙම පද්ධතිය භාවිතා කිරීමට හැකි නිසා, ඔබටත් ඔබගේ ව්‍යාපාරයට සම්බන්ධ අනෙකුත් අයටත්, මෙම විකුණුම් පද්ධතියට ඉක්මණින් හුරු වීමටත්, ඉතා පහසුවෙන් භාවිතා කිරීමටත් හැකි වනු ඇත.

මෙම විකිණුම් පද්ධතිය තුල අඩංගු එක් එක් මොඩුයුලය පිළිබඳව විස්තරාත්මකව තොරතුරු කියවීමට අවශ්‍ය නම් මෙම වෙබ් අඩවියේම භාවිත අත්පොත මෙනුවට ප්‍ර‌වේශ විය හැකි අතරම, මෙම විකිණුම් පද්ධතිය ඉතා කාර්යක්ෂමව භාවිතා කිරීමට අවශ්‍ය ඉගි පිළිබඳ දැන ගැනීම සඳහා මෙම වෙබ් අඩවියේම ඉහලින් ඇති ඉගි මෙනුවට ප්‍රවේශ විය හැක.

එමෙන්ම මෙම විකිණුම් පද්ධතිය දැනට භාවිතා වන විවිධ ව්‍යාපාරික අංශ පිළිබඳ ලිපි කියවීම සඳහා භාවිත කර්මාන්ත අංශ මෙනුවට ප්‍රවේශ විය හැකි අතරම මෙම විකිණුම් පද්ධතියට අඳාළ තොරතුරු අඩංගු වෙනත් ලිපි පල කිරීම් කියවීමට අවශ්‍ය නම් අඳාළ වෙනත් ලිපි මෙනුවට ප්‍රවේශ වන්න.

මෙම විකුණුම් පද්ධතියක් ඔබට මිලදී ගැනීමට අවශ්‍යනම් දැන්ම මෙතන ක්ලික් කරන්න.