KDKTEC OSPOS විකිණුම් පද්ධතියේ ප්‍රධාන අත්පොතට ඔබව සාදරයෙන් පිළිගනිමි. මෙමගින් ඔබට මෙම විකිණුම් පද්ධතිය ස්ථාපිත කර ගැනීමෙන් පසුව සිදු කළ යුතු මූලික සකසා ගැනීම් පිළිබඳවත්, මෙම විකිණුම් පද්ධතිය භාවිතා කරන ආකාරය පිළිබඳවත් මනා අවබෝධයක් ලබා දෙනු ඇත.

ඔබගේ දැනුවත් වීමේ පහසුව උදෙසා අප මෙම අත්පොත කොටස් කිහිපයකට වෙන් කර ඇත. මෙම වෙබ් අඩවියේ වම් පස ඇති මෙනුවෙන් ඔබට මෙම එක් එක් කොටස් වලට ප්‍රවේශ විය හැක.

මේ වන විට අප මෙම විකිණුම් පද්ධතිය ස්ථාපිත කර ගැනීමෙන් පසුව සිදු කර ගත යුතු මූලික සකසා ගැනීම් හා පද්ධතිය භාවිතා කරන අපගේ පාරිභෝගිකයන්, අපගෙන් නිරන්තරයෙන් අසන ගැටළු පදනම් කර ගෙන අප මෙම අත්පොත සකසා ඇති අතර, පාරිභෝගික ඉල්ලීම් වලට අනුව හා විකිණුම් පද්ධතියේ නව සංස්කරණයන්ට අනුව කලින් කලට අප මෙම අත්පොත යාවත්කාලීන කරන්නෙමු.

මෙම අත්පොත මඟින් ඔබට අවබෝධ නොවන කිසියම් කාරණයක් වෙතොත් අපගේ ඉමේල් හා දුරකථන අංක ඔස්සේ සහය සේවය හා සම්බන්ධ වීමට පසුබට නොවන්න.

එමෙන්ම මෙම විකිණුම් පද්ධතිය හා භාවිත අත්පොත පිළිබඳ ඔබගේ නව අදහස්, යෝජනා, චෝදනා මෙන්ම ගැටළු ද අප නිරන්තරයෙන් බලාපොරොත්තුවෙන් සිටින අතර ඒවා සඳහා හැකි ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට අප කටයුතු කරන්නෙමු.